Tuesday, November 25, 2014

කර්මයෙන් පැන යා හැකිද?

    කර්මයෙන් පැන යා හැකිද?

සමහරු කර්මය ගැන පිලිගන්න කැමති නෑ.තවත් සමහරු කර්මය තියා මේ ලෝකේ තියන ආගම දහම ගැනත් බොරු  කියන්න කන පැලෙන තර්ක ඉදිරිපත් කරනවා .ඒ කරලා රෑට රෑට පන්සල් වලට ගහින් බෝධි  පුජා එහෙම තියන අයත් අපිට ඕනි තරම් හමබවෙලා තියෙනවා..........කොහොම උනත් බුදු දහම පිළිගන්න අපිටනම් කර්මය කියන දේ බැහැර කරන්න බෑ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි....මට ගිය සතියේ ගුවන් හමුදාවේ හිටපු උසස් නිලධාරියෙක් හම්බ උනා...එයා මට කතාවක් කියාගෙන ගියා.........අපේ රටේ යුද්දේ හොදටම තිබුණු කාලේ තමයි මෙයා හමුදාවට බැදිලා තියෙන්නේ මතක ඇති නේද?
     
                                  
කොතන බෝම්බයක් පුපුරයිද කියන්න බැරුව බයෙන් හිටපු කාලේ දවසක් ගමකට කොටි කඩා පැනලා මිනිස්සු මරල මෙයා මේ ගැන බලන්න වාහනයකට නැගලා තියෙනවා එතනට යන්න ඒ වෙනකොට එතනට දුවගෙන ආපු මිතුරෙක් කියලා තියෙන්නේ හදිස්සියකට ඉහල නිලධාරියෙක් කතා කරනවා කියලා 

                                 
මෙයා වාහනෙන් බැස්ස...මිතුරා වහනයනෙට නැග්ගා..වැඩි වෙලාවක් ගහින් නෑ....ඒ ගියපු වාහනය බිම් බෝම්බයකට අහු වෙලා ඔක්කොම මැරිලා........

වෙන දවසක,ගුවන් යානයක මෙයා පිටත් වෙන්න හදනකොට එ දත් වෙන උවමනාවකට එයාට යන්න වෙලා.........පැයකට විතර පස්සේ ඒ ගුවන් යානය කඩා වැටිලා.......මෙහෙම කාලය ගෙවිලා මෙයා විශ්‍රාම යන්න කලෙත් ලගයි.........රජයේ අයට තමන්ගේ පවුලේ අයත් එක්ක යන්න එක එක වොරන්ට් හම්බවෙනවානේ නේද?එදා මෙයාගේ පුතාගේ 16 වෙනි උපන්දිනේ පවුලේ අයත් එක්ක කෝච්චියේ ගමනක් යන්න තමයි යොදාගෙන තියෙන්නේ ඒ ගමන දවසේ කෝච්චිය පිලි පැනල බරපතල අනතුරක් උනා 
                                           
පුතා නැති වුනා ........මෙයා ආබාධිත වුනා.............අද ඉන්නේ රෝද පුටුවක ...එදා ඒ ගමන නොගියානම් ගේ ඉස්සරහ තියන අලිගැට පෙර ගහට හරි නගින වෙලාවක මේ අනතුර වෙයි කියලයි ඒයා  විශ්වාස කරන්නේ 
                                               

1 comment:

  1. සන්වාදයක් තිබේ නම් වටී

    ReplyDelete

ඔබේ අදහස් මට මසුරන් වටී