Monday, November 24, 2014

සාක්කුවේ ගෙන ගියොත්.... ශුක්‍රානු අඩු වෙන්න පුළුවන් කොල්ලෝ 
   මේ කියන්නේ ගොඩක් දෙනෙකුට අද නැතුවම බැරි වුනු දෙයක් වෙච්ච ජන්ගමයා ගැන...අද ලෝකේ ජනගහනයෙන් බිලියන 4.6 දෙනා මේ ජංගමේ භාවිතා කරන්නන් අතර ඉන්නවා මේකෙන් තියන වැඩේ මොකක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් පොතක් පිරෙන්න ලියන්න පුළුවන් නේද?හැබැයි මේ දේ හින්දා අද ලෝකේ මිනිස්සුන්ට වෙලා තියන දේ නම් හැම වෙලාවේම සුබවාදී නැ......මේ ජන්ගමෙන් පිට වෙන කිරණ හින්දා බොහෝ බලපෑම් අපිට ඇති වෙනවා 

                    
             
මේ හින්ද අද වෙනකොට පිළිකා ඇති වීමේ අවදානම 10% පමණ වැඩියි කියලා තමයි කියන්නේ ඒ විතරක් නෙමෙයි...අද අපේ ගොඩක් කොල්ලෝ මේක සාක්කුවේ දාගෙන ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නේ.ඒ හින්ද පහු කාලිනව ශුක්‍රානු නිපදවීමේ හැකියාව 40% පහල බහිනවා කියලා හොයාගෙන තියෙනවා...එක එච්චර හොද දෙයක් නම් නෙමෙයි....අනාගතේට හොදටම බලපානවා මොන සෙල්ලම දැම්මත් අවසානේ අපි බලාපොරොත්තු වෙන්නේ නිරෝගී පරපුරක්නේ නේද?
                                  
ගැබිණි අයට මේ කිරණ ශරීරගත වුනොත් කළලය විනාස වීමේ හැකියාව බොහෝ වැඩියි. අපේ සමහර ගැනු අය මේ ජන්ගමයා දාගෙන ඉන්නේ හැට්ටේ අස්සේ වෙන දේ හිතා ගන්න පුලුවන්නේ නේද ?

                                        
ඒ විතරක් නෙමෙයි පොඩි ළමයිට මේ හින්දා වෙන බලපෑම 4 ගුණයකින් වැඩියි.මොලයේ පිළිකා.ස්නායු දුර්වල වීම.ඉගෙනීමේ හැකියාව නැති වීම.හෝමෝන ක්‍රියාකාරී බව අඩු වීම.මානසික පිරිහීම ඇතිවීම ආදී දේවල් දකින්න පුළුවන්

මේ ලෝකේ යන විදිහට අපිට මේවා ඇතරලා වනගත වෙන්න බෑනේ නේද?එහෙනම් කරන්න තියෙන්නේ මොකක්ද ?මෙන්න පහල තියනවා පොඩි පිළිවෙලවල් ටිකක් අනුගනය කරලා ටිකක් හරි අවධානම අඩු කර ගන්න  එක නේද ?
                                 
01-භාවිතා කරන කාලය අඩු කිරීම(මල් කඩනවානම් head set එකක් ගන්න )

02-කුඩා දරුවන්ගේ පරිහරණයෙන් ඇත් කිරීම 

03-ලෝහ ආවරණ තුල සිටියදී භාවිතා නොකිරීම 

04-දුරකථන මිලදී ගැනීමේදී විකිරණ අවමව පිටවන දුර කතන මිලදී ගැනීම 

05-වැඩිපුර කෙටි පණිවිඩ භාවිතා කිරීමට හුරුවීම 

මේ පොඩි දෙයක් හරි අනුගමය කරලා තමන් වගේම තමන් ලග ඉන්න අයත් ආරක්ෂා කරන්න පුලුවන්නම් ලොකු දෙයක් .....එහෙම නේද 

No comments:

Post a Comment

ඔබේ අදහස් මට මසුරන් වටී